හැටන් පොලිස් වසමට අයත් දික්ඔය දරවල ජනපදයේ කුඩා ළමුන් ඇතුළු වැඩිහිටියන් සිය දෙනෙකුට ආසන්න පිරිසකට දින කිහිපයක් තිස්සේ වරින් වර පාචනය , ක්ලන්තය , වමනය රෝග ලක්ෂණ මතු විම හේතුවෙන් මහජන සෞඛ්යය පරික්ෂණවරුන් විසින් ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇත.
හැටන් සිංගිමලේ රක්ෂිතයෙන් සහ දික්ඔය හැඩ්ලි තේ වත්තෙන් පහළට ගලා බසිනා ජල මුලාශ්ර හරස් කර හැටන් දික්ඔය දරවල ජනපදයට පානිය ජලය ලබාගෙන කිසිදු පිරිපහදුවකින් තොරව එම ජනපදයේ පවුල් 160 කට පමණ පානිය ජලය බෙදා හරිනු ලබන්නේ එම ජනපදයේම සමිති දෙකක් විසිනි.
මෙසේ බෙදා හරිනු ලබන ජලය පානය කල පිරිසක් ගත වු දින කිහිපය තුළ දික්ඔය මුලික රෝහලෙන්ද ප්රතිකාර ලබා ඇති අතර තවත් පිරිසක් පෞද්ගලික ඩිස්පෙන්සරි වලින් ප්රතිකාර ලබා ඇති බවයි එම ජනපදයේ පදංචිකරුවන් කියා සිටින්නේ.
පානිය ජලයට විෂබිජයක් මුසුවිම හේතුවෙන් තම ජනපදයේ විශාල පිරිසක් එකවරම රෝගාතුර වන්නට ඇති බව එම ජනපදයේ පදිංචිකරුවන් සැකකරයි.
හැටන් දික්ඔය දරවල ජනපදයේ කුඩා ළමුන් ඇතුළු වැඩිහිටයන් විශාල පිරිසක් එකවරම රෝගාතුර විම සම්බන්ධයෙන් අඹගමුව ප්රාදේශිය සෞඛ්යය වෛද්යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්යය පරික්ෂකවරුන් එම ජනපදයට (07) දින පැමිණ පරික්ෂනයක් සදහා ජල සාම්පල් ලබාගෙන ශබ්ද විකාශන යන්ත්ර භාවිතා කරමින් ජලය පරිහරනය කල යුතු ආකාරය පිලිබදව දැනුවත් කිරිමටද පියවර ගත් අතර එම ජනපදයේ ඉදි කර ඇති ජල ටැංකියේ ගබඩා කර තිබු ජලයට ක්ලොරින්ද මුසු කරනු ලැබීය.
සිද්ධිය සැල විමත් සමග නොර්වුඩ් ප්රාදේශිය සභාවෙන්ද පරික්ෂණයක් ආරම්භ කර ඇති අතර පවත්නා තත්ත්වය මත එම ජනපදයේ වැසියන් උග්ර පානිය ජල ගැටළුවකට මුහුණ පා ඇත.
