දඹුලු නගර සභාව බල්ලන්ට බද්දක් ගෙනෙයි
ෙනිවාස වල ඇතිකරන සුනඛයින්ට බද්දක් හඳුන්වාදීම හා නගර සභාව මගින් අය කරන සියලුය බදු වැඩිකිරීමට දඹුල්ල මහ නගර සභාවෙන් යෝජනාවක් ගෙනවිත් තිබේ.
එළඹෙන 2022 වසරේ සිට දඹුල්ල මහ නගර සභා සීමාවේ ග්‍රාම සේවා වසම් 13 තුළ ජීවත්වෙන සියලුම නිවෙස් වල ඇති කරනු ලබන සුරතල් බල්ලන් සහ බැල්ලියන් සඳහා බදු මුදලක් අය කර එය ජනවාරි 31 දා සිට අනිවාර්යෙන් ගෙවිය යුතු බවට වන යෝජනාවක් මේ අනුව ගෙන ඒමට නියමිතය.
දඹුල්ල මහනගර සභාවේ මහා සභා රැස්වීම පැවැත්වෙන අද දිනයේ දී එම යෝජනාවක් සිදු කිරීමට අදහස් කරන බව දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතා විසින් නාගරික මන්ත්‍රීවරුන් වෙත පත්‍රිකාවක් මගින් දන්වා ඇත.
නගර සභාවේ නගරාධිපති වරයා වශයෙන් ඔහු වෙත ඇති බලතල යටතේ නාගරික බදු ගෙවන්නන්ට බදු මුදල් වැඩි කිරීමක් ද මේ යටතේ සිදු කරන්න නියමිතය.
වාර්තා වන අන්දමට බදු මුදල 50% සිට 100% දක්වා වැඩිවීමක් ද සිද්ධ වෙයි. සියලුම ව්‍යාපාරිකයන්ට සඳහා අයිතමයන් 150 ක් යටතේ බදු මුදල් වැඩි කිරීමට කටයුතු කරන බව අද දවසේ දී දඹුල්ල මහ නගර සභාවට ඉදිරිපත් කිරීමට යෝජිත බදු සංශෝධන යෝජනා ඇතුළත් වෙයි.
මෙම බදු වැඩි කිරීම යටතේ දී සත්ව බදු හා වාහන බදු යටතේ දී ආදායම් බලපත්‍රයක් ලබා ගන්නා ත්‍රීරෝද රථ ඇතුළු සියලුම රථවාහන සඳහා ද දඹුල්ල මහ නගර සභාවට රුපියල් 1000 බදු මුදලක් බස් රථය සඳහා රුපියල් 1200/= මුදලක් ද නාගරික ජනතාවට ගෙවීමට සිදුවනු ඇත.
මහින්ද දඹුල්ල



popular news
-
LGPJ Thursday, 02 September 2021 09:20 PM
All household dogs of Dambulla area will bark towards UC as well as with sarcastic laughing. !!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

