දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට හෙට (24) සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කළබව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (23) පැවති සාකච්ඡාවකදී පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරනු ලැබුවේ ගොවීන්ගේ එළවළු විනාශ වීම වැළැක්වීම සඳහා බවත් ජනතාව අනාරක්ෂිත ලෙස ආර්ථික මධ්‍යස්ථානයට පැමිණීම නිසා එහි පරිපාලනය සහ රජය අපහසුතාවයකට පත් වන බවත් හෙතෙම සඳහන් කළේය.
සෞඛ්‍ය නීති කඩකරන සියලුම දෙනාට තරාතිරම නොබලා දඩුවම් කිරීමට රජය තීරණය කර තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
