දමිළ භාෂා නාම පුවරුවලට හානි කිරීම ගැන විමර්ශන
ඉංග්‍රීසි හා සිංහල භාෂාවන්ට අමතරව දමිළ භාෂාවෙන් ප්‍රදර්ශනය කර තිබූ ප්රදර්ශනන පුවරුවක් ගලවා අනර්ථය කිරීම පිළිබඳව පානදුර දකුණ පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
එසේම ජාතීන් අතර සහජීවනයට හා සාමය ආරක්ෂා කිරීමට බාධා වන මෙවැනි ක්‍රියා වැළැක්වීමට වහාම පියවර ගත යුතු බවට අද (25දා) පොලිස් මූලස්ථානය මගින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත නියෝගයක්ද නිකුත් කර තිබේ.
ඒ අනුව ජංගම සංචාර, යතුරු පැදි හා පාපැදි සංචාර ආදී සංචාර මගින් එවැනි ක්‍රියා සිදුවීම මූලිකවම වළක්වා ගත යුතු බවට උපදෙස් දී තිබේ.
මේ ආකාරයේ පැමිණිල්ලක් අදාළ පොලිස් ස්ථානය වෙත ලැබණ විට සහකාර පොලිස් අධිකාරී විසින් එය විමර්ශනය කළ යුතු බවත් එවැනි සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවටද වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

popular news
-
pradeep warnakulasooriya Tuesday, 26 November 2019 05:28 AM
කැලණිය,හුණුපිටිය,වත්තල සේරම ගැලවුයේ පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගහපු කසිප්පුකරයා අ ප්‍රසන්නයි.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

