දෙමළ ජාතික සන්ධානය සහාය ලබා දෙන ආකාරය කියයි
උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට ස්වයං පාලන ව්‍යුහයකින් දේශපාලන විසඳුමක් ලබාදෙන පාර්ශවයකට දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබාදෙන බවට ඉලංගෙයිතමිල් අරුසකච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයිසේනාධිරාජා මහතා කියා සිටියේය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (30) දින යාපනය වීරසිංහම් ශාලවේදී ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ 16වන මහසභා සම්මේලනය රැස්වූ අවස්ථාවේදීය.
ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායකයා වශයෙන් නැවත වරක් පසුගිය 29 වනදා මාවෙයි සේනාධිරාජා මහතාම පත්වීමෙන් පසුව ඊයේ දින නැවතත් පක්ෂයේ මහසභාව රැස්විණි.
එහිදී උතුරු නැගෙනහිර නව සිංහල ජනාවාස ඉදිකිරීම නවතා දැමීම ඇතුළු යෝජනාවන් රැසක් ඉලංගෙයි තමිල් අරසුකච්චි මහා සභා රැස්වීමේදී සාකච්ඡා කළ අතර ඊට අමතරව උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ගැටලුව, උතුරේ සිවිල් ජනතාවගේ ඉඩම් තුළින් ආරක්ෂක අංශ ඉවත් කිරීම, උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම හා හින්දු ජනතාව ජිවත්වන ප්රදේශයන්ගේ බෞද්ධාගමික ස්ථාන ඉදිකිරීම නැවැත්වීම ඇතුළු ප්‍රධාන යෝජනා 11ක් සම්බන්ධයෙන් වන යෝජනාවලියක් රජය වෙත ඉදිරිපත් කිරීමට එහිදි යෝජනා සම්මතකොට ගෙන ඇත.
අදාළ ඉල්ලීම් මාලාව රජයට ඉදිරිපත් කොට මාස තුනක කාලයක් තුළ විසදුම් ලබා ගැනීමට බලාපොරොත්තු වන අතර, අදාළ ඉල්ලීම් මාලාව වෙත ලබාදෙන යහපත් ප්‍රතිඵල අනුව ඉදිරි මැතිවරණ වෙනුවෙන් සිය පක්ෂය සහයෝගය ලබාදෙන කණ්ඩායම තීරණය කරන බවද පක්ෂ නියෝජිතයින් එහිදී පැවසූහ.
අවසන් යුද සමයේ උතුරු නැගෙනහිර පළාත් තුළින් අතුරුදහන්වු තරුණ කණ්ඩායම් වෙනුවෙන් සිදුවූයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් රජය තුළින් ස්ථිර විසදුමක් ලබා ගැනීම හා දේශපාලන සිරකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන සිටින පිරිස් නිදහස් කර ගැනීම වෙනුවෙන් රජයට බලපෑම් කළ යුතු බවට තීරණයක්ද මහසභාවේදී යෝජනා වී ඇත.
එමෙන්ම 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර ගැනීමට ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් ගෙන යන උත්සාහය නවතා දැමිය යුතු බවත්, ඒ වෙනුවෙන් වන යෝජනාවලියක් සම්බන්ධයෙන් අනෙකුත් පක්ෂ සමඟ සාකච්ජා කළ යුතු බවටද එහිදී සාකච්ඡා වී ඇත.
මහවැලි එල් කලාපය යනුවෙන් හඳුන්වමින් උතුරු නැගෙනහිර පළාත් තුළ නව සිංහල ජනාවාස බිහිකරමින් රජය ගෙන යන ක්‍රියා කලාපය වහාම නවතා දැමිය යුතු බවටත් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයේදී සම්මත කරගත් යෝජනාවන් මුළුමනින්ම ක්‍රියාත්මක කළයුතු බවත් ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තරය කටයුතු කළ යුතු බවත් ඉලංගයිතමිල් අරසුකච්චි පක්ෂය විසින් රජයට බලකිරීමට වැඩිදුරටත් සාකච්ඡා කොට ඇත.

popular news
-
Champa Tuesday, 02 July 2019 11:52 AM
Don't bother . Sinhalese will never support any political parties that will have deals with Tamil and Muslim politicians. Your time is over. Now it is our time.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

