දුම්රිය වැටුප් ගැටලුවට හෙට විසඳුම්
දුම්රිය ස්ථානාධිපති, නියාමක රියදුරු පාලකවරුන්ගේ වැටුප් ගැටලුව හෙට (27දා) සවස වන විට විසඳන බවට වැටුප් කොමිෂම ප්‍රකා‘ශ කර තිබෙන බව දුම්රිය එන්ජින් රියදුරු සංගමය සඳහන් කරයි.
වැටුප් කොමිසම පිළිබඳව විශ්වාසයක් නොමැති වුවත් තම ගැටලුවලට විසඳුම් ලැබෙනු ඇති බවට දුම්රිය වෘත්තීය සමිති බලාපොරොත්තුවෙන් සිටින බවද එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.
එසේ නොමැති වුවහොත් 29 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට සේවයෙන් ඉවත්වීම ස්ථිර බවද හෙතෙම පවසා සිටියේය.

popular news
-
dhamneth Monday, 27 August 2018 10:38 AM
රජයට තිබුන මේ කාලය ඇතුලත සේවකයින් බඳවාගෙන ඉන්දියාවට හෝ වෙනත් ආසන්න රටකට යවා පුහුනුකරවගෙන මේ ඇත්තන්ට හැමදාම වර්ජනය කරගෙන ඉන්න ඉඩහරින්න .ගැටලුවලට මුහනදීමට රජයේ සුදානම නම් අන්තිමයි.
Reply : 0 0
Champa Monday, 27 August 2018 06:10 PM
මේ පාර හමුදාවෙන් දාල කෝච්චි ටික දුවවන්න. ඒ අතරේ මේ වෘත්තීය සමිති එක්ක සාකච්චා කරන්න. (මට නම් මතක නැහැ මේගොල්ලෝ ඉල්ලන්නේ මොකක්ද කියලා) දුම්රිය වෘත්තීය සමිතියි ආණ්ඩුවයි අතරේ තියෙන කඹ ඇදිල්ලට දුම්රිය මගියා පීල්ලට අරගන්න එක වැරදියි. ඒ හින්දා දුම්රිය සේවය ඒ විදියටම පවත්වාගෙන යන්න. ආණ්ඩුවටයි දුම්රිය සේවකයන්ටයි පඩි ගෙවන්නේ ජනතාව. නඩත්තු කරන්නේ මහජන මුදලින්. ඒ හින්ද ජනතාවට අයිතියක් තියෙනවා තමන් පඩි ගෙවන, තමන් නඩත්තු කරන සේවය අඛණ්ඩව ලබා ගන්න. මගීන් ගුටි ප්‍රහාර දෙන්නේ ඇත්තටම එන කේන්තියට. ගිය පාර මගීන්ගේ කතා අහව්වහම අපිටත් කේන්ති යනවා මගීන්ට කරන අසාධාරණයට. අර "හිරු නාලිකාවේ පත්තරේ විස්තරේ" කියන රංගන පහුගිය දුම්රිය වර්ජනය වෙලාවේ දිගටම කිව්වා වගේ උසස් පෙළ විභාග වලට ලියන දරුවන් අපහසුතාවයට පත් කරපු එක සම්පූර්නයෙන්ම හෙලා දකිනවා. අනිත් එක උදේට කොළොඹට ගෙනත් දාල හවසට ආපහු ගෙනියන්නතුව අතරමං කරන එක සම්පූරණ වැරදියි. GMOA එකට වගේම දුම්රිය වෘත්තීය සමිතිකාරයන්ටත් හදවතක් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

