දුම්රිය ගාස්තු සියයට 50ක් දක්වා ඉහළට
දුම්රිය ගාස්තුව 15%කින් ඉහළ දැමූ බවට දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළද, සමහර දුම්රිය ගාස්තු 40%-50%කට ආසන්න ප්රමාණයකින් ඉහළ ගොස් ඇතැයි මගී ජනතාව චෝදනා කරති.
දුම්රිය ප්රවේශපත් ගාස්තු අද (01දා) සිට ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව ක්රියා කළේය.දෛනික ටිකට්පත් ගාස්තුවට අමතරව වාර ප්රවේශ පත්ර ගාස්තුවද විශාල ලෙස ඉහළ ගොස් තිබෙයි.
දුම්රිය ප්රවේශපත් ගාස්තුව 15%කින් ඉහළ යෑමේ පුවත් ඇසීමෙන් අදාළ වැඩි වීමට අනුව ප්රවේශපත් හා වාර ප්රවේශපත් මිලදී ගැනීමට මුදල් ගෙනා මගීන් විශාල පිරිසක් නියමිත මුදල් නොමැතිව දැඩි අසීරුතාවට පත්වූ බවද 'අද'ට වාර්තාවේ.

popular news
-
Bandula. Tuesday, 02 October 2018 02:43 PM
කියනකොට 15% ගන්න ගියාම එක එක ඒවා එක එක ගණන් මොක හැදුව ගනනක්දමේ? අහිංසක ජනතාවට දුක් දෙන නුබල හැමෝටම සාපවෙවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

