මාතර සිට කොළඹ බලා ධාවනය කරනු ලබන පෞද්ගලික බස් රථ අද (25දා) උදෑසන සිට වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කළ අතර එම වර්ජනය නතර නොකළ හොත් බස් වර්ජනයට එක් වූ සියලු බස් රථවල ධාවන බලපත්‍ර අත්හිටුවන බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති එම්. ඒ. පී. හේමචන්ද්‍ර මහතා පවසයි.
කෙටිදුර ධාවනය වන බස් හිමියන් විසින් තමන්ට බාධා එල්ල කරන බව පවසා මෙලෙස ගාල්ල - මාතර - අම්බලන්ගොඩ යන නගරයන්හි සිට කොළඹ බලා ධාවනය වන බස් රථ අද උදෑසන සිට තවදුරටත් වර්ජනයේ නිරත වන අතර මේ හේතුවෙන් මගී ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.
