දකුණේ ග්රාම නිලධාරී වසම් 408ක පොල් කොළ මැලවිමේ හා කුණුවීමේ රෝගයක්
පොල් කොළ මැලවිමේ හා කුණුවිමේ රෝගය මේ වනවිට දකුණු පළාතේ ග්රාම නිලධාරිවසම් 408ක් තුල පැතිර පවතින බව හදුනාගෙන ඇති බැව් පොල්වගා කිරිමේ මණ්ඩලය සම්බන්දයෙන් 2025 වර්ෂයට අදාළව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
පසුගිය වසර 18 තුල (2008 සිට 2025) මෙම රෝගි තත්ත්වය හේතුවෙන් ඉවත්කළ පොල්ගස් සංඛ්යාව 352,000 කට අධික බව අනාවරණය වි ඇත. මේ සදහා වන්දි මුදල් වශයෙන් රුපියල් හැටපන්කෝටි, විසිතුන්ලක්ෂ, හැත්තැනමදහස් අටසියතිස්තුනක (652,379,833) මුදලක් ගෙවා ඇති බව විගණන වාර්තාවේ සදහන් වේ.
පොල් කොළ මැලවිමේ හා කුණුවිමේ රෝගය 2008 වර්ෂයේ දි වැලිගම ප්රා දේශිය ලේකම් කොට්ඨාශයෙන් මුලින්ම වාර්තා වි තිබුණි. පසුව ගාල්ල හා හම්බන්තොට දිස්ත්රික්ක දෙක තුලද මෙම රෝගය පැතිරිගොස් තිබුණි. වෛරසයකට බෝහෝ දුරට සමාන හයිටොප්ලාස්මා නම් ව්යාධිකාරකයක් රෝගයට හේතුවි ඇති බව පොල් පර්යේෂණ ආයතනය මගින් හදුනාගෙන වසර 18ක පමණ කාලයක් ගතවි තිබුණි. එහෙත් මෙකි රෝගය සදහා නිශ්චිත නිවාරණ ක්රමවේදයක් සංවර්ධනය කර නොතිබු අතර ප්රතිකර්මය ලෙස රෝගිගස් ක් ෂේත්ර යෙන් ගලවා ඉවත්කිරිම සිදුකොට ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
පොල් පර්යේෂණ ආයතනයේ නිර්දේශ පරිදි රෝග මර්ධනය සදහා රෝගි ගස් ක්ෂේත්ර යෙන් ඉවත් කිරිම සහ ප්රතිරෝධිශාක සිටුවිම සිදුකරණු ලබන බව පොල්වගා කිරිමේ මණ්ඩලය විසින් විගණනයට සදහන්කොට ඇත. මෙකි රෝගය පාලනය කිරිම මිස සම්පුර්ණයෙන් මර්ධනය කිරිම අපහසු බවත් එහෙත් රෝගි තත්ත්වය සාර්ථකව මර්ධනය කොට ඇති බවද පොල්වගා කිරිමේ මණ්ඩලය විසින් විගණනයට සදහන් කොට ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

