දකුණු පළාතේ පුද්ගලයින් 922 නිරෝධායනයේ
දකුණු පළාත තුල මේ වනවිට නිවෙස්වල පුද්ගලයින් 922 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටින බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 348 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයේ 328 දෙනෙකු හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුද්ගලයින්246 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටින බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.
එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක දිස්ත්‍රික් කාර්යාල මගින් පි.සි.ආර්. පරික්ෂණ සදහා ජෛව සාම්පල් ලබාගැනිම ද සිදුකරණ බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පවසයි.
මේ දක්වා කාලය තුලදි ගාල්ල දිස්ත්‍රික්කයේ පි.සි.ආර්. පරික්ෂණ සදහා පුද්ගලයින් 3382 දෙනෙකුගේ ද මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 2078 දෙනෙකුගේද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1071 දෙනෙකුගේ ජෛව සාම්පල් පි.සි.ආර්. පරික්ෂණ සදහා ලබාගෙන ඇති බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පවසයි.
මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ දකුණු පළාතට සම්බන්ධ පළමු හා දෙවැනිපෙළ ආශ්‍රිතයින්ගේ පි.සි.ආර්. පරික්ෂණ සිදුකරමින් පවතින බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සදහන් කළේය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

