දකුණු පළාතේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 334 දක්වා ඉහලට
දකුණු පළාතෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 334 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත රෝගින් සංඛ්‍යාව 213 නෙකි. මාතර දිස්ත්‍රික්කයෙන් රෝගින් 89 දෙනෙකු හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින් 32 නෙකු වාර්තා වි ඇති බවද කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලය පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ (06) දින කොඩිඩ් ආසාදිත රෝගින් 12 නෙකු වාර්තා වි ඇත. ගාල්ල නාගරික බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිත රොගින් 06 නෙකු, බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ආසාදිත රෝගින් 04 නෙකු හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් එක් රෝගියකු හා ඉදුරුව ප්‍රදේශයෙන් එක් රෝගියකු වාර්තා වි ඇති බවද දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ නිලධාරිවරයා පවසයි.
ඊයේ (06) දින මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් කිසිදු කොරෝනා රෝගියකු වාර්තා වි නොමැති බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

