ඉහළ ඇළහැර ඇළ උමං මාර්ගයේ ඉතිරි කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීම අද (23දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
දකුණු ආසියාවේ දිගම උමං මාර්ගය මෙය වන බවද ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි. කි.මී 96 ක් වන මෙම ඇළ මාර්ගය ඉදිකිරීමට වැය කෙරෙන මුදල රුපියල් කෝටි 6700 කි.

