දක්ෂයෝ ඉන්න තැනක අදක්ෂයින්ට දිලා කටයුතු කිරිම රටේ දුර්වලතාවක් - රවී
රටේ පවතින මේ අර්බුදකාරී තත්ත්වය තුරන් කිරීම සදහා ජනාධිපති, අගමැති මෙන්ම විපක්ෂ නායකතුමා මේ වනවිට අනුගමනය කරන එකමුතු වැඩපිළිවෙල වඩාත් වැදගත් . ආගම, ආර්ථිකය මෙන්ම ආරක්ෂක පැත්තෙන් දක්ෂයෝ ඉන්න තැනක, අදක්ෂයින්ට බාරදීලා කටයුතු කිරීම මේ රටේ තිබෙන දුර්වලතාවයක්. එය වහාම නිවැරදි කළයුතුයි" යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ, පසුගියදා ශ්‍රී ලංකාවට එල්ල වූ කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් පියතුමා හමුවීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
මේ අවස්ථාවේදී අප කළයුත්තේ, එකඑක්කෙනාට දොස් පවරන එක නෙමෙයි. පළමුව අපි ගැටලු විසදාගෙන නැගී සිටිය යුතුයි. මනුෂ්‍යභාවයක් නැති ත්‍රස්තවාදය, අන්තවාදය අප පරාජය කළ යුතුයි. අද මෙ ගැටලුව ලාංකිය වශයෙන් පමණක් නෙමෙයි ජාත්‍යන්තර ස්වරූපයක් ගෙන තිබෙනවා. මේ කෲරත්වය නැති කරන්නේ කොහොමද, ලාංකීය ජනජීවිත යතා තත්ත්වයට පත් කරන්නේ කොහොමද කියලා අපි සිතා බැලිය යුතුයි.
මනුෂ්‍යභාවයක් නැති ත්රස්තවාදයට අපි කොහොම පිළිතුරු දෙන්නද. මෙය සම්පූර්ණයෙන් නැති කිරීම තමයි අවශ්‍ය වන්නේ. කඩු, කිනිසි, බෝම්බ, තියාගෙන ඉන්න මිනිසුන් මනුෂ්‍යයෝද. අපේ ත්‍රිවිධ හමුදාවට උදව් කරගෙන මේ කුරිරු ත්‍රස්තවාදය පරාජය කළ යුතුයි.
මේ තත්ත්වය එක් තැනකට සීමාවෙලා නැහැ. ජාත්‍යන්තර ත්රස්තවාදයේ ස්වරුපයක් තමයි මෙහි තිබෙන්නේ. ඒ නිසා ගෙන්ගෙට ගොස් සොයාබලා, මෙම තත්ත්වය ශ්‍රී ලංකාවෙන් බැහැර කල යුතුයි.
එක පිස්සෙක් ඇති රටක් අස්ථාවර කරන්න. ඒක තමයි අපි නැති කරන්න අවශ්‍ය වන්නේ. අපි දේශපාලනඥයෝ වශයෙන් හැංගී සිටීම නෙමෙයි අවශ්‍ය වන්නේ. එළියට ඇවිත් නායකත්වය දීලා, මේ තත්ත්වය නැති කිරීමයි අවශ්‍ය වන්නේ යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
කෂිනි හපුආරච්චි

popular news
-
Champa Monday, 29 April 2019 06:04 PM
ත්රස්තවාදීන්ට මනුෂ්‍යත්වයක් නැති බව හැමෝම දන්නවා. හැබැයි කරලියේ ඉන්න දේශපාලකයන් කාටවත් මනුෂ්‍යත්වයක් නැති බව දැන ගත්තේ බෝම්බ වලින් දැන දැනම මිනිස්සු මැරෙන්න ඇරියට පස්සේ. රනිල් සාමුහික වගකීම් ගන්නව කිව්වේ ජනාධිපති මැති ඇමති වරු ඇතුළු සියලු දේශපාලකයෝ දැනුවත්ව 1000 කිට්ටු මිනිස්සු පුච්චලා මැරුවට හෝ ඇත පය අහිමි කරපු නිසා. තවත් මිනිස්සුන්ට තාම කම්පනය. මේකට ආණ්ඩුව කෙලින්ම සම්බන්ධයි. මේක හරහා භීෂණයක් රට ඇතුලේ ඇති කරන්න තමයි හැදුවේ.
Reply : 0 0
කෝලිත Monday, 29 April 2019 06:36 PM
හැමෝම හෙනගහපන් කියල තමුසෙලට කියන්නෙ ඒ නිසා තමා....හැම තැනම බූරුවෝ දාල රට කෑව...දැන් මොනවද තියෙන්නෙ ඉතුරුවෙලා.......තමුසෙලගෙ කයිවාරුව විතරයි....හොර හැතිකරේ....මකබෑවෙල පලයල්ලකො...
Reply : 0 0
wimal Monday, 29 April 2019 09:01 PM
බුදු අම්මෝ කොහෙද දන්නා හිටියේ පහු ගිය දින ටිකේ ...දැන්නං සෙට් එක ටික ටික එලියට එනවා ,,,,අනේ අපේ කාදිනල් තුමාගේ වටිනා කාලය ....
Reply : 0 0
chathuri Tuesday, 30 April 2019 03:55 AM
එක. පිස්සෙක් ඇති රට. විනාස කරන්න. ඒ. පිස්සා තමයි ඇමති. තාත්තා , එයත් ලෙඩ. ඇන්දේ. ඉදගෙන දෙවියන් ලගට යන්නද. ,. පුතාට. විතරක් පල්ලි. යන්න. එපා. කිව්වේ , පුතාට විතරද මනුෂ්‍ය. ආත්මයක් තියෙන්නේ , ඇයි මොවුන්ගෙන් ප්‍රශ්න නොකරන්නේ. , කාගෙන්ද ලෙඩ ඇන්දේ ඉන්න. පියාට. ආරංචිය ලැබුනේ. ,දේව දුතයෙක්. කියලද. ,. මේ. වගේ. පිස්සෝ මෙවැනි දවස්. වලට. පල්ලි යන්නම. ඕන
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

