දකුණු අධිවේගයේ වෑන් රථයක් ගිනි ගනියි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් ඊයේ (10දා) රාත්රී 9.15 ට පමණ කොට්ටාව කිලෝමීටර් 3 කණුව අසළදී හදිසියේ ගිනි ගැනීමට ලක්වීමත් සමඟම එහි රියදුරු වෑන් රථයෙන් පිටතට පැන දිවි බේරා ගෙන ඇතැයි අධිවේගී මාර්ග රථවාහන පොලිසිය කියයි.
කොට්ටාව සිට ගැලණිගම දෙසට පැමිණෙමින් තිබූ වෑන් රථයේ ඉදිරිපසින් දුමාරයක් හටගෙන එකවරම ගින්න හටගත් බව රියදුරු පොලිසියට ලබාදුන් ප්රකාශක සඳහන් වෙයි.
ගින්න හට ගන්නා අවස්ථාවේදී වෑන් රථයේ සිට ඇත්තේ රියදුරු පමණක් බවත් කලබල වූ ඔහු වෑන් රථයෙන් බිමට පනින අවස්ථාවේදී සාක්කුවේ තිබූ , රුපියල් ලක්ෂයක් පමණ අඩංගුව තිබූ ඔහුගේ මුදල් පසුම්බියද වෑන් රථය තුළ වැටීමෙන් ගින්නට හසුවී සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු යෙදිණි.
ගින්න ඇතිවන ඇති වන අවස්ථාවේදී කඩුවෙල දෙස සිට ගාල්ල දෙසට ගාව ධාවනය වූ වාහන වලට තරමක බාධාවක් ද ඇති විය.
විදුලි කාන්දුවකින් ගින්න හට ගන්නට ඇතැයි පොලිසිය සැක කරයි. ගින්නෙන් වෑන් රථ රියදුරුට කිසිදු තුවාලයක් සිදුවී ඇති අතර දැනටත් ඒ මුළුමනින්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි.







popular news
-
jabos Wednesday, 11 August 2021 04:06 PM
lait pththu venava meka hadala ganna ahaki man hithanne nommare pichchila nisa hadala vikuna ganna badavakuth naha
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

