තොප්පිගල රක්ෂිතයේ දැව ජාවාරමක්
තොප්පිගල රක්ෂිතයේ නෙලුගල රක්ෂිතයෙන් පලු දැව කදන් තොගයක් ස්ථාන තුනක ප්‍රවාහනයට සුදානම් කර තිබියදි වැලිකන්ද යුදහමුදා ආරක්ෂක සේනා මුලස්ථානයේ නිලධාරින් විසින් සොයාගෙන වාලච්චේන පොලිසියට දැනුම් දිමෙන් පසු ඊයේ (02) දින අලුයම අත්අඩංගුවට ගත් බව වාලච්චේන පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 30කට අධික බවත් කලක පටන් ව්‍යාපාරිකයින් සහ දෙශපාලඥයන් එක්ව වැලිකන්ද අවට උද්‍යානය සහ රක්ෂිත තුල මහා පරිමාණයෙන් කණ්ඩායම් ලෙස පිරිස් යොදවා මෙම දැව ජාවාරම සිදු කරන බව වැලිකන්ද යුදහමුදා ආරක්ෂක සේනා මුලස්ථානයේ මෙම වැටලිම් සිදුකල නිලධාරින් පවසති .
ඉකුත් (30) දින මහා පරිමාණ දැව තොගයක් වඩුමුණේ මිරන්ඩවිල් රක්ෂිතයේ ප්‍රදේශයෙන් සොයාගත් බවත් එහි වටිනාකමත් රුපියල් ලක්ෂ 50කට අධික වේ.
මෙම ජාවාරම් කරුවන් ඉතා සුක්ෂම ලෙෂ ඔත්තුකරුවන් යොදවා මෙම ජාවාරම සිදු කරන අතර යුදහමුදාව හෝ පොලිසිය රක්ෂිත තුලට ඇතුල් වෙනවාත් සමග රක්ෂිතය තුල දැව ජාවාරමේ නිරත පිරිස් වෙත දැනුම් දි ඔවුන් එම ස්ථානයෙන් වහා පලා යනු ඇත.
යුද හමුදාව විසින් විවිධ උපක්‍රම මගින් රක්ෂිත තුලට ඇතුල් වුවත් කෙසේ හෝ සැක කරුවන් පලා යන අතර මෙම දැව ජාවාරම්කරුවන් කෙසේ හෝ අත්අඩංගුවට ගැනිම සඳහා පොලිසිය සමග එක්ව වැටලිම් නොනවත්වා සිදු කිරිමට කටයුතු සිදු කරන බව වැලිකන්ද යුදහමුදා ආරක්ෂක සේනා මුලස්ථානයේ නිලධාරීන් පවසති.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
