තෙල් මිල සම්බන්ධයෙන් ජනපති හා මුදල් අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් අද (10දා) පස්වරු 4ට ජනපති ලේකම් කාර්යාලයේදි පැවැත්වෙන බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවැසීය. ඒ පිළිබඳව උනන්දුවක් දක්වන වෙනත් අමාත්යවරන්ද මෙම සාකච්ඡාවකට එක්වෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
“තෙල් මිල වැඩිවෙනවා. නමුත් වැඩිවෙන සූත්‍රය සම්බන්ධයෙන් ජනපතිතුමා තමන්ගේ අදහස ඉදිරිපත් කළා. ඒ පිළිබඳව අද 4ට තීරණය කරනවා” යැයි ඔහු පැවැසීය.