තෙල් පිරිපහදුවට පරිසර වාර්තාව මාස හයකින්
හම්බන්තොට, මිරිජ්ජවිලදී පසුගිය 24 වැනිදා ආරම්භ කළ තෙල් පිරිපහදු කිරිමේ කර්මාන්ත ශාලාව සඳහා පරිසර ශක්‍යතා අධ්‍යන වාර්තාව මාස හයක් ඇතුළත ලබා ගන්නා බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවසීය.
පරිසර වාර්තාව ලබා ගැනීමට අදාළ කටයුතු නිලධාරීන් විසින් සිදුකර තිබෙන බවත්, එම වාර්තාව ලැබුණු පසු තෙල් පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
වගුරු බිමක් ගොඩකර ආයෝජනයකට සුදුසු ආකාරයට එහි බිම සකස් කර තිබෙන බවත්, පරිසර වාර්තාවල සඳහන් නිර්ණායක සපුරාලිය හැකි ආකාරයට කර්මාන්ත ශාලාව ඉදිකිරීමට ආයෝජකයන් එකඟ වී තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (26දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

popular news
-
Champa Tuesday, 26 March 2019 09:12 PM
එහෙම කොහොමද? යෝජනාව ගැන කතා කරන්න ඉස්සෙල්ලම ගන්න ඕනේ පරිසර වාර්තාවක්. මුල්ගලකුත් තියලා ඉවර වෙලා මාස 6කින්ලු පරිසර වාර්තාව ගන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

