තෙල් ටැංකි යළි රටට එන හැටි ගම්මන්පිල කියයි
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුම පිළිබඳව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් පැහැදිලි කිරීමක් කර තිබේ.
“තෙල් ටැංකි යළි රටට”යන තේමාවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී රැස්වීමේදී මෙම පැහැදිලි කිරීම කර තිබේ.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදය ජනවාරි 19 සහ 20 දෙදින පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී තීරණය වූවද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් බහුතරයක් විවාදයේ දී අදහස් දැක්වීමට සූදානම්ව සිටින බැවින් 21වන සිකුරාදා දිනය ද විවාදය සඳහා වෙන් කර දෙනමෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව කථානායකතුමා දැනුවත් කර 21 සිකුරාදා දිනය ද මෙකී විවාදය සඳහා ලබා ගන්නා ලෙස මෙහි දී අග්‍රාමාත්‍යවරයා උපදෙස් දෙන ලදි.
popular news
-
Kos Tuesday, 18 January 2022 01:36 PM
Api adagatha hode
Reply : 0 0
Demuni Uduwara Tuesday, 18 January 2022 11:18 PM
Pivithuru Hela Urumaya Minister, don't fabricate deeds in regard to the Fuel Tanks farm; all 99 tanks belong to us!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

