ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ අංක 28 ලෙයාඩ්ස් බෝරෝඩ්වේ ප්රදේශයේ තෙමහල් නිවසක ඉහල මහලෙන් ඇද වැටී තුවාල ලැබූ දැරියක් රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කර ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවට ග්රෑන්ඩ්පාස් පොලිස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත. මියගිය දැරිය අවුරුදු 15 ක් වූ ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ පදිංචිකාරියෙකි. ග්රෑන්ඩ්පාස් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.