යාපනය චාවකච්චේරි නූනාවිල් ප්රදේශයේදී දෙපාර්ශවයක් අතර ඊයේ (11) සවස වූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් තියුණු ආයුධ වලින් පහරදී ගැනීම් හේතුවෙන් තරුණියක් ඇතුලු පස් දෙනෙකු තුවාල ලබා ඇති බවටත් සිවු දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවට චාවකච්චේරි පොලීසිය පවසයි.
නූනාවිල් ප්රදේශයේදී මෙම ආරවුල ඇති වී තිබෙන අතර පළමුව 16 හැවිරිදි තරුණියක් හා තරුණයින් අතර වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීගැනීම සිදුව ඇති අතර එහිදී තියුණු ආයුධ වලින් පහරදීගැනීම් හේතුවෙන් තරුණිය ඇතුලු පස් දෙනෙකු තුවාල ලබා ඇත.
අනතුරුව තුවාල ලැබූවන් සිවු දෙනෙකු රෝහලගත් කොට ඇති අතර එම පිරිසෙන් තිදෙනෙකු ඇතලු සිවු දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවට පරික්ෂණ සිදුකරන චාවකච්චේරි පොලීසිය වැඩිදුරටත් පැවසීය.
