කෑගල්ල පොලිස් වසමේ කෑගල්ල නගරයේදි බහින්බස් විමක් මත ඇතිවු ආරවුලක් දුර දිග යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදීමක් සිදු කර ඇත.
තුවාලකරුවන් දෙදෙනා කෑගල්ල රෝහලට ඇතුලත් කිරිමෙන් පසු එක් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
මරණකරු වයස අවු 20ක්වු වින්සන් වික්රමසිංහ මාවත
කෑගල්ල ලිපිනයේ පදිංචිකරුවෙකි.
සිද්ධියට සම්බන්ධ සැකකරු පළාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
