තැපැල් සේවකයන් විසින් සිදු කරන ලද වැඩවර්ජන කාලයට අදාළව දින 06ක වැටුප් කපා දැමීමට කැබිනට් පත්රිකාවක් අද (03දා) ඉදිරිපත් කර තිබෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පසුගිය 11 වැනිදා සිට 26 වැනිදා දක්වා වෘත්තීය ක්රියාමාර්ග දියත් කළ බවත්, මේ නිසා පසුගිය මාසයට ලැබිය යුතු වැටුප හෝ මෙතෙක් ලබාදී නොමැති බවත් එම සංගමයේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.
කිසිදු හේතුවක් නොමැතිව වැටුප් නවතා දමා තිබෙන බවත්, මීට අමතරව දින 06ක වැටුප් කපා දැමීමට කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කර තිබෙන අතර, එය ලබන සතියේදී අනුමත කිරීමට සැලසුම් කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
මේ නිසා වැටුප් කප්පාදු කිරීමේ තීරණයට එරෙහිව සහ පසුගිය 25 වැනිදා ලැබිය යුතු වැටුප නොලැබීමට එරෙහිව වෘත්තීය ක්රියාමාර්ග දියත් කිරීමට තීරණය කළ බවද සමකැඳවුම්කරු පැවසීය.
