තැපැල් වෘත්තීය සමිති සිදුකරන වැඩවර්ජනයට සහාය දැක්වීමට වරාය, අධ්‍යාපන, සෞඛ්‍ය, වතු, රාජ්‍ය කළමනාකරණ සේවාවල වෘත්තීය සමිති 25ක් එකඟ වූ බව තැපැල් ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
මේ අනුව හෙට (25දා) තැපැල් දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී වෘත්තීය සමිති 25ක් සහ තැපැල් වෘත්තීය සමිති එක්ව තැපැල් මූලස්ථානය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බවද එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.
තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනයට අදට දින 14ක් ගත වී තිබෙන බවත්, සේවකයන් ඉල්ලා සිටින ඉල්ලීම්වලට ප්‍රතිචාර නොමැති නිසා තැපැල් සේවාවෙන් තොර වෙනත් රාජ්‍ය, පෞද්ගලික අංශවල වෘත්තීය සමිති එකතු කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ග සිදු කිරීමට සාකච්ඡා කළ බවත් ඔහු පවසා සිටියේය.
එම සාකච්ඡා සාර්ථක වී තිබෙන අතර, එම වෘත්තීය සමිතිද වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බවට තම සංගමයට පොරොන්දු වූ බවත් ඒ මහතා සඳහන් කළේය.
