තැපැල් ඡන්දයේ දෙවැනි අදියර අද හා හෙට
	පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමේ දෙවැනි අදියර අද (05දා) සහ හෙට (06දා) යන දෙදින තුළ පැවැත්වේ.  තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා 566,823 දෙනෙකු සුදුසුකම්
	 ලබා තිබෙන අතර, මෙහිදී ගුරුවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් සහ පොලිස් නිලධාරීන්ගේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම 03  වැනිදා පැවැත්විණි. 
	අද සහ හෙට යන දෙදින තුළ අනෙකුත් රාජ්‍ය සේවකයන්ගේ තැපැල් ඡන්ද භාවිතා කළ හැකි අතර, 03 වැනිදා සහ අද හෙට ඡන්දය භාවිත කිරීමට නොහැකි වන තැපැල් ඡන්දදායකයන් සඳහා 08 වැනිදා දිනය වෙන්කර තිබේ. 
	මෙදින ඡන්දදායකයා පදිංචි දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරී කාර්යාලය තුළදී තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබාදී ඇත. 
	ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ අධීක්ෂණය යටතේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන අතර, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තුනක්, ජංගම රථ 250ක් සහ නිරීක්ෂණකයන් 1580 දෙනෙකු මේ සඳහා යොදවා තිබේ. මේ අනුව පැපරල් සංවිධානය ජංගම නිරීක්ෂක රථ 250 ක් සමග නිරීක්ෂකයන් දහසක් යොදවා තිබෙන අතර, කැෆේ සංවිධානය නිරීක්ෂකයන් 80 දෙනෙකුත්, සී.එම්.ඊ.ඒ. ආයතනය නිරීක්ෂකයන් 500 දෙනෙකුත් යොදවා තිබෙන බව එම සංවිධාන නියෝජිතයෝ සඳහන් කරති.  
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                