මාස තුනක කාලයකට පිරිවැය අවම කර ගැනීමේ අරමුණින් තැපැල් කාර්යාල සෙනසුරාදා දිනයේදී විවෘත නොකිරීමට ගත් තීරණය වෙනස් කිරීමට රජය කටයුතු කර තිබේ.
ඒ තැපැල් වෘත්තීය සමිති හා විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතර පැවැති හමුවකදීය.
මෙහිදී සෙනසුරාදා දිනයේදී වැඩ කිරිම වෙනුවෙන් හිමිවන මුදලින් 20%ක් හා සියලුම අතිකාල වලින් 20%ක් කපා හැරීමේ එකඟතාව අනුව සෙනසුරාදා දිනයේදී තැපැල් කාර්යාල විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.