තැන තැන සිදුවන ඝාතන
- 17 11 2026
- 08:39
- {{hitsCtrl.values.hits}} views
- ..
අයියාගේ කඩු පහරින් මල්ලි මරුට - පොලිස් වසම
2026.11.17 වන දින අළුයම මාතර පොලිස් වසමේ වල්ගම උතුර ප්රදේශයේ නිවසක් තුලදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට මාතර පොලිසිය වෙත ලද පණිවිඩයකට අනුව විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 39 ක් වූ වල්ගම උතුර ප්රදේශයේ පදිංචි යුධ හමුදා නිලධාරියෙකි.
මරණකරු හා තම වැඩිමහල් සහෝදරයා සමඟ ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් ඇතිවූ ආරවුලකදී සහෝදරයා විසින් කඩුවකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත. අපරාධය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
අසල්වැසියන්ගේ ආරවුල ඝාතනයකින් නිමවෙයි - වලපනේ පොලිස් වසම
2026.11.16 වන දින උදෑසන වලපනේ පොලිස් වසමේ ගල්කැටිවෙල ප්රදේශයේ නිවසක් ඉදිරිපිට පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් මියගොස් ඇති බවට වලපනේ පොලිසිය වෙත ලද පණිවිඩයකට අනුව විමර්ශන ආරම්භ කර ඇත.මරණකරු වයස අවුරුදු 35 ක් වූ ගල්කැටිවෙල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු හා අසල්වැසියෙකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් පොරවකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත. අපරාධය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. වලපනේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
යාචකයාගේ මරණය රිය අනතුරක්ද නැත්නම් ඝාතනයක්ද? - මිනුවන්ගොඩ පොලිස් වසම
2026.11.16 වන දින උදෑසන මිනුවන්ගොඩ පොලිස් වසමේ වල්පිටමුල්ල ප්රදේශයේ නාඳුනන පිරිමි මළ සිරුරක් ඇති බවට ලද පණිවිඩයක් මත මිනුවන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු මිනුවන්ගොඩ ප්රදේශයේ සිටි යාචක පුද්ගලයෙකු බවට අනාවරණය වි ඇත.
මෘත ශරීරයේ හිස ප්රදේශයේ තුවාල නිරීක්ෂණය වී ඇති අතර මෙම මරණය රිය අනතුරක් ද නොඑසේනම් වෙනත් අපරාධයක් ද යන්න අනාවරණය කර ගැනීමට මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
