තාක්ෂණික උපකරණ භාවිත කරමින් සිදුකරන විභාග වංචා වැළැක්වීම සඳහා මෙවර උසස් පෙළ විභාගයේ සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහයෝගය මත විභාග මධ්‍යස්ථානවල සිට තාක්ෂණ උපකරණ භාවිත කිරීම වැළැක්වීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද ඔහු පවසා සිටියේය.
නියමු ව්‍යාපෘතියක් ලෙස මෙවර විභාගයේදී මෙය ක්‍රියාත්මක වන බවත්, පසුව එය අනෙකුත් විභාග සඳහාද ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
තාක්ෂණික උපකරණ භාවිතයෙන් විභාග වංචා සිදුවීම වැළැක්වීමට දෙමාපියන්ගේ සහයෝගය අවශ්‍ය බවත්, කිසිම අවස්ථාවක දරුවන් නොමඟ යවන කටයුතු සිදු නොකරන ලෙසට දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම පවසා සිටියේය.
