කටුගස්තොට පොලිස් බල ප්රදේශයට අයත් යහලතැන්න කන්ද ප්රදේශයේදී ත්රිරෝද රියක් ප්රපාතයකට පෙරළි සිදුවූ රිය අනතුරකින් බරපතළ තුවාල ලැබ රෝහල්ගත කර සිටි එම ත්රීරෝද රථයේ රියැදුරු ඊයේ (20 ) වනදා රාත්රියේ මිය ගොස් තිබේ.
පෙරේදා සිදු වූ මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ එහි රියැදුරු රෝහල ගත කරනු ලැබ තිබිණ. අනතුරින් බරපතළ තුවාල ලබා ප්රතිකාර ගනිමන් සිටියදී ඊයේ රාත්රියේදී මිය ගිය ඔහුගේ මෘත දේහය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) වනදා සිදු කිරීමට නියමිතව තිබිණ.
කටුගස්තොට පොලීසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
