මාතර, වැලිගම, කඩේවත්ත ප්රදේශයේ ති්රරෝද රථයකින් දමාගිය කඩුවක් සහ කිනිස්සක් අද (1) සොයාගත් බව වැලිගම පොලීසිය පවසයි.
සැකකටයුතු ති්රරෝද රථයක් අද උදැසන වැලිගම, කඩේවත්ත ප්රදේශයේ සැරිසරන බවට ගම්වාසින් විසින් ප්රථමයෙන් වැලිගම පොලීසිය හා විශේෂ කාර්යය බලකාය වෙත දන්වා තිබු අතර පසුව ඔවුන් දන්වා තිබුනේ කඩේවත්ත පාලම ආසන්නයේ යම් පාර්සලයක් එම ති්රරෝද රථයෙන් දමාගිය බවත්ය.
වහා කි්රයාත්මක වු විශේෂ කාර්යය බලකා නිලධාරින් එම ස්ථානය වෙත ගොස් පාර්සලය පරික්ෂා කර බැලිමේදි එහි කඩුවක් සහ කිනිස්සක් සොයා ගැනිමට හැකියාව ලැබි තිබුණි. සැකකටයුතු ති්රරෝද රථය සොයා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කොට ඇති අතර වැලිගම පොලීසිය හා විශේෂ කාර්යය බලකායේ නිලධාරින් ඉදිරි පරික්ෂණ මෙහෙයවනු ලබයි.
