කඩවත එඩේරමුල්ල උස්වත්ත ප්ර දේශයේදී උස්වත්ත දෙසට ධාවනය වූ ත්රි රෝද රථයක රියදුරු එම රථයෙන් බිමට වැටී ඇති අතර ත්රි රෝද රථය පමණක් මාර්ගයේ දකුණු පස තිබූ විදුලි පහන් කණුවක ගැටී තිබේ.
ත්රි රෝද රථ රියදුරා මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු විසින් රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ.මරණකරු අවුරුදු 56ක් වන පරාක්රම මාවත හුනුපිටිය වත්තල ලිපිනයේ පදිංචිකරුවෙකි.