ත්‍රිරෝද රථයක් තුළ පුද්ගල මළසිරුරක්
පන්නිපිටිය දෙපානම අරලිය උයන ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙක් සැකකටයුතු ලෙස රියදුරු අසුන මත මිය ගොස් සිටියදී අද 14 හමුවූ බව මහරගම පොලිසිය කියයි .
මෙලෙස මියගොස් තිබුණේ හෝමාගම ආරච්චිගොඩ පිටිපන දකුණ අංක 137/2 ලිපිනයේ පදිංචිව සිටි අලුත්ගේ ඉසුරු අසාන් ( 29) යන අයයි .
පුද්ගලයකු ත්‍රිරෝද රථයක් තුළ මිය ගොස් සිටින බවට මහරගම පොලීසියට ලද තොරතුරක් අනුව මළසිරුර සොයාගත් බව පොලිසිය කියයි .
එම ත්‍රිරෝද රථ රියදුරු රියදුරු අසුනේ සිට ඉදිරිපස හැඬලයට පහත් වී හිස තියාගෙන සිටින අයුරින් සිටීම හේතුවෙන් එම ස්ථානයෙන් ගමන් ගන්නා ප්‍රදේශවාසින් සිතා ඇත්තේ ඔවු නිදිමත දැනී නිදාගෙන ඇති බවට යයි පොලිස් නිලධාරීයෙක් පැවසීය .
එම ත්‍රිරෝද රථ තිබී ඇත්තේ අද පෙරවරු 10 සිට පමණ බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
නුගේගොඩ කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වූහ.
බිමල් ශ්‍යාමන්

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

