ත්‍රිපිටකාභිවන්දනා සතියට බෞද්ධ කොඩිය ඔසවා තබන්න ජනතාවගෙන් ඉල්ලයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුව ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම වෙනුවෙන් මෙම මස 16 සිට 23 වැනිදා දක්වා “ත්‍රිපිටකාභිවන්දනා” සතියක් ප්‍රකාශයට පත්කර එම සතිය තුළ දිවයින පුරා විශේෂ බෞද්ධාගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම වෙනුවෙන් මාර්තු 16 සිට 23 දක්වා ප්‍රකාශයට පත්කර තිබෙන “ත්‍රිපිටකාභිවන්දනා” සතිය පිළිඳව දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවට අද (14) සහභාගී වෙමිණි.
ජනාධිපති ලේකම් කාර්යාලය, බුද්ධ ශාසන අමාත්‍යංශය සහ නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය හා සෙසු අමාත්‍යංශ ඒකාබද්ධ වී “ත්‍රිපිටකාභිවන්දනා” සතිය පුරාවට ආගමික වැඩසටහන් රැසක් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු කර ඇති අතර එම සතිය තුළ රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සියලුම නිවාසවල, රථ වාහන සහ මංමාවත් වල බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කරන මෙන් තමන් සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ඉතිහාසයේ කිසිදු රාජ්‍ය නායකයකු ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම වෙනුවෙන් කටයුතු නොකළ බවත්, වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිර්මල චින්තනයට අනුව ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කිරීමෙන් පසුව ලෝක උරුමයක් බවට පත් කිරීමේ මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාවට නංවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මාර්තු 17 වන දිනය තුළදී දිවයින පුරා දහම් පාසල් ගොඩනැගිලි නොමැතිව ගස් යට දහම් අධ්‍යාපනය ලබන දු දරුවන් වෙනුවෙන් තෝරාගනු ලැබූ විහාරස්ථාන 226ක දහම් පාසල් ශාලා ඉදිකිරීම ආරම්භ කරන බවත්, එක් දහම් පාසල් ශාලාවක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 33 වැයවන බවත් අමාත්‍යවරයා පැවසිය.
කෂිනි හපුආරච්චි

popular news
-
rocky Friday, 15 March 2019 06:46 AM
මොකද්ද මේ දේශපාලන විගඩම? දේශපාලුවන්ට රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කරන්න දෙයක් ඇත්තෙම නැද්ද? අපට උවමනා කරන්නේ ඊළඟ ආත්මේ ගැන හිතන්න නොවෙයි, ඊට ඉස්සෙල්ලා මේ ආත්මේ යහතින් ඉන්නයි. මුන් අපට ආගම පෙන්නලා දැන් ඉඳලාම ඊ ළඟ ආත්මේ සිහිපත් කර ගන්න කියනවද? මේ වැඩෙන් ත්‍රිපිටකය තිබුනට වඩා ඉහල යන්නෙත් නැහැ. සිංහල බවුද්ධයාට අමුතු සෙතක් වෙන්නෙත් නැහැ. බොරු සෝභන වෙනුවෙන් මහජන මුදල් නාස්තියක් විතරයි, සිද්ධ වෙන්නේ. අම්මප, මුන් හිතාගන ඉන්නේ අපි මෝඩ හරක් කියලද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

