ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට දි අවසන්
ත්‍රිකුණාමලයේ ඇති තෙල් ටැංකි 100 ම 1987 වසරෙදී හා 2003 වසරේදී අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම හරහා ඉන්දියාවට ලබාදි අවසන් බවත් තමන් උත්සාහ කරන්නේ එම තෙල් ටැංකි නැවතත් ලංකාවට ලබාගැනීමට බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. අද (04දා) කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“ඛනිජතෙල් සංස්ථාවේ වෘත්තීය සමිති එකතු වී මාධ්‍ය හමුවක් පවත්වමින් ඉන්දියානු විදේශ ලේකම් වරයාත් මමත් ත්‍රිකුණාමලයට ගොස් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට භාර දීමට කටයුතු කරමින් ඉන්නවා ඒ කියලා එම මාධ්‍ය හමුවේ දී චෝදනා නගනවා. තමන් සේවය කරන ස්ථානය පිලිබඳ නිවැරදි තොරතුරු වෘත්තීය සමිති විසින් නොදැන සිටියත් ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ තිබෙන ටැංකි සීයම 1987 සහ 2003 අත්සන් කල ඉන්දු - ලංකා ගිවිසුම් අනුව ඉන්දියාවට බාර දීලා හමාරයි. මා ඉන්දියාව හා ගැටෙමින් වසරක් පුරාවට උත්සහ දරමින් සිටින්නේ මෙම තෙල් ටැංකි නැවත ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් පමණමයි.
දේශපාලනික ස්වාමීන්වහන්සේ නමක් වන පූජනීය ඕමල්පේ සෝභිත නායක හාමුදුරුවෝ තෙල් ටැංකි 85ක් ඉන්දියාවට දෙන්න තමයි මේ උත්සහා දරන්නේ කියලා මාධ්‍ය ඉදිරියේ කියනවා. ඉන්දියාවට දෙන්න තෙල් ටැංකි 85ක් අපිට නෑ. තිබෙන තෙල් ටැංකි 100 ම උන්වහන්සේ ගේ ආශිර්වාදය ලබන සමගිජන බලවේග නායකයන් කලින් හිටපු එක්සත් ජාතික පක්ෂය විසින් ඉන්දියාවට ලබා දී හමාරයි.
උදය ගම්මන්පිලට ඉතිරිව ඇත්තේ යලි එය ඉන්දියාවෙන් ලබාගැනීම පමනයි කියන එක අපේ පූජනීය ඕමල්පේ නායක ස්වාමීන්වහන්සේට ඉතාම නමස්කාර පූර්වකව සිහිපත් කරනවා. අපේ නායක හාමුදුරුවනේ ඔහොම බොරු කියන්න එපා දේශපාලනික අරමුණු වෙනුවෙන්. මොකද මුසාවාදා සිල්පදය ගිහියන්ට වගේම ඔබ වහන්සේලාටද අදාලයි කියන එක නමස්කාර පූර්වකව උන්වහන්සේට සිහිපත් කරණවා.
ඒ වගේම තෙල් සංස්ථාවේ ඒකාධිකාරය බිඳින්න පනතක් මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවාය ඒකට අපි විරුද්ධ වෙනවාය කියන එක විපක්ෂයේ මන්ත්‍රිවරුනුත් තෙල් සංස්ථා වෘතීය සමිතිත් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශකර තිබෙනවා. ඔක්තෝම්බර් මස 6 වෙනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන ඛනිජතෙල් සංවර්ධන පනතින් සිද්ධවෙන්නේ වසර දහස් ගණනක් මහපොලව යට සැගවී තිබෙන මේ රටේ තෙල් සහ ගෑස් සම්පත ගොඩට ගෙන රටක් ගොඩදාන සැලැස්මට අදාල නීති විධිවිධාන තියෙන පනතක්.
තෙල් සංස්ථාව ගැන එක වචනයක් මෙම පනතේ කොතනකවත් සදහන් වෙන්නේ නෑ. මහ පොලව යට සැගවී තිබෙන තෙල් හා ගෑස් සම්පත ගොඩ දාලා රට ගොඩදාන්න අපි දරණ වෑයමට කවුරුන් හෝ විරුද්ධ වෙනවනම් ඒ විරුද්ධ වෙන්නේ මව්බිමේ සතුරන් පමණයි කියන එක අපි ඉතාම කනගාටුවෙන් වුනත් සිහිපත්කරණ්න ඕනෑ.
ඉන්දියානු විදේශ ලේකම් වරයා ත්‍රිකුණාමලයට ගියා තමයි. ත්‍රිකුණාමලය තෙල් ටැංකිද බැලුව තමයි. පසුගිය රජය එය ඉන්දියාවේ භුක්තියට බාරදීලා තියෙන නිසා ඒ අයට සම්පුර්න අයිතියක් තියෙනවා ඒ අයට ඒක බලන්න යන්න. ඒක කාගෙන්වත් අහන්න, අවසර ගැනීමේ අවශ්‍යතාවක් නෑ, අපි හදන්නේ මේ තෙල් ටැංකි ටික නැවත අපේ භාවිතයට ලබාගන්න. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව කිසිදු ප්‍රයෝජනයක් නොගෙන යකඩ ගොඩක් බවට පත්ව ඇති මේ තෙල් ටැංකි රටේ ප්‍රයෝජනයට ගැනීමට හදද්දී ඊට විරුද්ධ වෙන්නේ රටේ සතුරන් පමණයි කියන එක අප නැවත වතාවක් කියනවා.”
popular news
-
Demuni Uduwara Monday, 04 October 2021 11:42 PM
Mr. Minister, don't tell lies ! Read 'Hindu' dated Feb.21, 2021, wherein it states those 99 fuel tanks in question have been leased to India for upgrading and commissioning in the period of 35 years. Mr. Minister, why you are trying to mislead us ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

