ත්‍රිකුණාමලය කොස්තාපල්ට අයිස් මත්ද්‍රව්‍ය දුන් පුද්ගලයා අත්අඩංගුවට
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී සිටි පොලිස් කොස්තාපල්වරයාට එම මත්ද්‍රව්‍ය සැපයූ පුද්ගලයා , සිය පවුල සමග තායිලන්තයේ සවාරියක් ගොස් මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 11/18 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු කොළඹ - 08 බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු සිය පවුලේ සාමාජිකයන් පිරිස සමග තායිලන්තයේ සංචාරය නිමා කර 11/18 දින පස්වරු 04.20 ට බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී මොහු අත් අඩංගුවට ගෙන තිබේ .
මෙසේ අත් අඩංගුවට ගත් මෙම පුද්ගලයා , මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ මූලස්ථානය වෙත භාර දී තිබේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

