ශ්රී ලංකා නාවික හමුදාව 2020 මාර්තු 18 වන දින මඩකලපුව කළපුවේ සිදු කල මෙහෙයුමකින් මසුන් ඇල්ලීමට භාවිතා කරන ලද තහනම් දැල් තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.
ශ්රී ලංකා නාවික හමුදාව සාගරික පරිසර පද්ධතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වන පුද්ගයින් නීතියේ රැහැනට හසුකර දීමට නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරනු ලබන අතර, ඒ අනුව 2020 මාර්තු 18 නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මඩකළපුව කළපුවේ සිදු කරන ලද මුර සංචායක් අතර තුරදී මසුන් ඇල්ලීම සඳහා එලා තිබූ තහනම් දැල් 15 ක පමණ තොගයක් සොයා ගැනීමට සමත් වී ඇත. ඒ අනුව අදාල දැල් නාවික භාරයට ගන්නා ලදි.

