තව්හිත් ජමාත් සංවිධානය ඉවත් කරන්න යැයි ඉල්ලා මුස්ලිම්වරුන්ගෙන් සංදේශයක්
පොළොන්නරුවේ තව්හීත් ජමාත් සංවිධානයට අයත් මුස්ලිම් පල්ලි තුන සහ ලංකාව තුල පිහිටි එම සංවිධානයට අයත් පල්ලි වහාම තහනම් කරන ලෙස ඉල්ලා පොළොන්නරුවේ පිහිටි මුස්ලිම් පල්ලි විසි නවයේ (29) මව්ලාවිවරු සහ එම පල්ලිවල ලේකම් සභාපතිවරු අද (25) දින පොළොන්නරුව මුලස්ථාන පොලීසියට ගොස් පොළොන්නරුව පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ පි ධමිමික විරසේකර වෙත සංදේශයක් ලබා දෙමින් ඉල්ලා සිටියේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු පොළොන්නරු දිස්ත්‍රික් මුස්ලිම් පල්ලි සම්මේලනයේ සභාපති එස් .ඒ.ඒ. සමග් මෙසේ පැවසීය,
අපි දැන් පොළොන්නරුවේ අවුරුදු 80ක් 100ක් පමණ කාලයක ඉදලා පදිංචිව සිටිනවා. පොළොන්නරුවේ මුස්ලිම්, දෙමළ සහ සිංහල තුන් ගොල්ලම ජිවත් වෙනවා. නමුත් කවදාවත් අපි තුන්ගොල්ල අතර කිසිදු ප්‍රශ්නයක් හෝ ගැටුමක් මෙතෙක් කල් සිදු වෙලා නැ.
යම් ප්‍රශ්නයක් වුනා නම් වුනේ මේ තව්හීත් ජමාත් සංවිධානය ආරම්භ විමත් එක්ක තමයි. මෙම සංවිධානය අපේ රටේ ලියා පදිංචි වෙලාත් නැ. අපි වසර ගණනක් එකමුතුව එක්සත්ව ජිවත් වුණා මෙච්වර කල්.
නමුත් දැන් පසුගිය සිදුවිම් මාලාවත් එක්ක රටේ සියලුම මුස්ලිම් ජනතාව දැඩි අපහසුතාවයට පත් වෙලා ඉන්නේ. විශාල මිනිස් ජිවිත සංඛ්‍යාවක් අපට අහිමි වුනෙත් අපි දැඩි කම්පනයටත්, අනික් සියලු ජනතාව ඉදිරියේ අපි දැඩි අපහසුතාවයට පත් වුනෙත් මේ තව්හීත් ජමාත් සංවිධානය නිසායි.
ඒ නිසා තමයි අපි පොලොන්නරුවේ සහ මුළු රටේම තියෙන මෙම පල්ලි සහ සංවිධානය තහනම් කරන ලෙස ලිඛිතව සහ වාචිකව ඉල්ලා සිටින්නේ. තව්හීත් ජමාත් සංවිධානයට අයත් පල්ලි තුනක් පොලොන්නරුවේත් තියෙනවා. මානික්කම්පට්ටිය, තඹාල සහ සුංගාවිල මේ පල්ලි පිහිටා තිබෙනවා. පොළොන්නරුවේ අපේ පල්ලි 29ක් තියෙනවා. ඒවාගේ සියලු මව්ලාවිවරු සහ එම පල්ලිවල සභාපතිවරු ලේකම්වරු තිරණයක් අරගෙන අද (25) දින පොළොන්නරුව භාර පොලිස් අධිකාරිතුමා වෙත අපි සියලු දෙනාගේ අත්සනින් යුතුව ලිපියක් භාර දුන්නේ තව්හීත් ජමාත් සංවිධානයට අයත් පොළොන්නරුවේ පිහිටි පල්ලි තුන තහනම් කරන ලෙසත් ඉවත් කිරිමට කටයුතු කරන ලෙස ඉල්ලා සහ ලංකාවේම එම පල්ලි සහ සංවිධානය තහනම් කරන ලෙස අපි ඉල්ලා සිටියා.
මෙම අවස්ථාව සඳහා මව්ලාවරු සහ මුස්ලිම් පල්ලිවල සභාපතිවරු සහ ලේකම්වරු සහ පොළොන්නරුව පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ පි ධම්මික විරසේකර මහතා සහ පොලිස් අධිකාරි තිස්ස ලාල් ද සිල්වා ඇතුළු උසස් පොලිස් නිලධාරින් ද පොළොන්නරුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම් එස් එම් ජරැල් මහතා ද සහභාගි වි සිටියහ.
හිගුරක්ගොඩ , ඩබ්.ඒ පියතිලක


popular news
-
Duminda Thursday, 25 April 2019 06:43 PM
"No Burqa or Niqab"
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

