තවත් වෙළෙඳ ගිවිසුම් දෙකක් අත්සන් කිරීමට සැරසෙන බව GMOA කියයි.

අත්සන් කර තිබෙන සංගප්පූරු ගිවිසුම රට අනතුරට ඇද දමා තිබියදී හොර රහසේ එට්කා ගිවිසුම හා තායිලන්තය සමග වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමට සැලසුම් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
සිංගප්පූරු ගිවිසුම නීති විරෝධී නිසා ඒ පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත්කර තිබෙන බවත්, එසේ තිබියදී ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සහ උපාය මාර්ග අමාත්‍යාංශය විසින් එට්කා ගිවිසුම හා තායිලන්තය සමග වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමට සැලසුම් කර තිබෙන බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
මේ නිසා වහාම මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටි බවද අද (20දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.
popular news
-
Ananda Monday, 20 August 2018 05:35 PM
සිංගප්පුරු ගිවිසුම කොහෙද මහත්වරුනි නීති විරෝධි ගිවිසුමක් වෙන්නෙ? විෂය භාර ඇමති කෙනෙක් ඉන්නෙ ඒව ගැන කටයුතු කිරීමටයි. 02. එට්කා හා තායිලන්ය අතර ගිවිසුම අත්සන් කළ යුතුමයි හේතුව? එට්කා අත්සන් කරන්නෙ ඉන්දියාව සමඟයි.අනතුරුව සේතු සන්දීය මාර්ග පද්ධතිය මඟින් දෙරට යාකෙරෙනව.දුම්රි ය මාර්ගයක් සෑදීමට යෝජිතයි.රජයේ සේවකයන් වන වෛද්‍ය වෘත්තිකයන්ට , රජය විසින් අත්සන් කරන ජත්‍යන්තර ගිවිසුම් වලට එරෙහිවීමට හැකියාවක් නොමැත.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

