තවත් වසර 25කටවත් එජාපය හොල්ලන්න බැරි වේවි - රවී
මෙවර ජයග්රහණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය තවත් වසර 25කට සොලවන්න බැරි බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා කොළඹ දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීම අමතමින් මේ බව සඳහන් කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
“අපි මේ බලය ලබාගන්නේ අපේ අහිංසක මහජනතාවට සේවය කරන්නයි. 2015 ජයග්‍රහණය ලබාගත්තෙත්, ජනතා සිතුම්පැතුම් ඉටු කරන්නයි. නමුත් අපට ඒක සම්පූර්ණයෙන් කරගන්න බැරි වුණා. නමුත් එදා පැවති දුර්දාන්ත පාලනය ඉවත් කරලා, ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන්න අපට හැකිවුණා. ඒ තුළින් බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය ජනතාවට ලබාදෙන්න අපට හැකිවුණා. රටේම ජනතාව එය පිළිගන්නවා.
තරුණ තරුණියන්ගේ රැකියා ගැටලුව, දේශපාලන පළිගැනීම්, ආදි ගැටලු කිසිවක් අපට පැහැදිලි ලෙස විසඳගන්න බැරි වුණා. ඒ නිසයි අපි මෙවර එක්සත් ජාතික පක්ෂයෙන්ම ජනාධිපතිවරයෙක් පත්කරගෙන, වසර ගණනාවක් තිස්සේ පාක්ෂිකයන්ට සිදුවන අසාධාරණකම් වලට සාධාරණ විසදුම් ලබාදෙන්න අපි තීරණය කළේ. මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පස්සේ, එක්සත් ජාතික පක්ෂය තවත් වසර 25 කට සොලවන්න බැරි වේවි.
අද අපි මේ කොළඹ බලමණ්ඩලය වශයෙන් රැස් වෙලා සිටින්නේ වැදගත් පණිවිඩයක් ලබාදෙන්නයි. ලක්ෂ 16 ක ඡන්ද ප්‍රමාණයක් කොළඹ ප්‍රදේශයේ තිබෙනවා. ඡන්ද මධ්‍යස්ථාන 1166 ක් තිබෙනවා. මේ තුළින් නොවැම්බර් 16 දා ගෙයින් ගෙට, හදවතින් හදවතට කතා කරලා කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය 230,000 කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ජනාධිපතිවරණය කොළඹ දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කරවනවා කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි.
හිතන්නෙපා මෙම ජනාධිපතිවරණය ලේසිපහසු කාර්යයක් කියලා. අපට දිනන්න ඕන ලක්ෂ 70 කට වඩා ඡන්ද ලබාගෙන, එක්සත් ජාතික පක්ෂ අපේම ජනාධිපතිවරයෙක් පත් කල යුතුයි. 2015 දී අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ 162,000 කට වැඩි ඡන්දයකින්. ඊට පස්සේ අගොස්තු මාසෙ 25 වනදා වනවිට මහා ඡන්දය තියලා, කොළඹ දිස්ත්‍රික්කය 178,000 කින් ජයග්‍රහණය කළා. අද අපිට ඡන්ද ප්‍රමාණය 7% ක වර්ධනයක් වෙලා තිබෙනවා. ඒ නිසා තමයි මේ ජනාධිපතිවරණය 235,000 ක වැඩි ඡන්ද ප්‍රමාණයකින් අපි ජයග්‍රහණය කරනවා කියලා මම කිව්වේ. ඒ සදහා අපි කතාව නවත්තලා වැඩ ආරම්භ කළ යුතුයි. මේ මාසේ 10 දා පවත්වන අපේ ප්‍රථම රැළියත් සමඟින් අපි අපේ ජයග්‍රහණය තහවුරු කිරීමේ ගමන ආරම්භ කරනවා. කොළඹින් වගේම රටේ සැම තැනකින්ම මේ සදහා පැමිණීම අවශ්‍යයි. ඊට පසුව අපි ගෙයින් ගෙට යාමේ වැඩසටහන පියවර 03 ක් යටතේ සිදුකිරීමට සැලසුම් කරලා තිබෙනවා. සෑම ආසනයකම රැස්වීම 15 ක් බැගින් පැවැත්විය යුතුයි. කොළඹ දිස්ත්‍රික්කය සෑම විටම ඡන්දයකට සූදානම් පමණක් නොවෙයි, සෑම ඡන්දයක්ම ජයග්‍රහණය කරන්නත් සුදානම්.
අපිට පළිගැනීම් දේශපාලනයක් නැහැ. මුලින්ම අපි ජාතික ආරක්ෂාව ගැන සිතිය යුතුයි. ඒ වගේම ආර්ථිකය මෙන්ම සංවර්ධනය ගැනත් සැලකිලිමත් විය යුතුයි. රටේ එකීයභාවය රැකගෙන, පුළුල් බලය විමධ්‍යගත කිරිමක් සිදුකළ යුතුයි. ඒ වගේම සාර්ථක මෙන්ම කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බිහිකළ යුතුයි. එය වැඩකළ හැකි පිරිසකගෙන් සමන්විත විය යුතුයි. අපිට සම්පූර්ණ ආණ්ඩුවක් තිබුණේ නැහැ. මාස 15 ක් තුළ ප්රජාතන්ත්රවාදී ගැටලු තිබුණා. ආණ්ඩුව කඩා වැටුණා. ආර්ථිකය අස්ථාවර වුණා. මේ නිසා අපට ජනතාවට සහන සලසන්න නොහැකි වුණා. මෙන්න මේ නිසයි අපි ඉල්ලන්නේ අපි කොළඹ දිස්ත්‍රික්කයෙන් අපි අපේ බලය පෙන්වමු කියලා” යැයි ඔහු පැවසීය.
කෂිනි හපුආරච්චි

popular news
-
Champa Monday, 07 October 2019 09:24 PM
Oh yeah, I already know the election results. Mahinda made a monumental blunder by fielding someone who cannot make all Sinhalese united. What a betrayal to the masses who made all the sacrifices for 5 years.
Reply : 0 0
Deepal Nirosh Monday, 07 October 2019 09:39 PM
වසර 25කට? අම්මෝ එහෙනම් ඒ අවුරුදු 25න් පස්සෙ මහ බැංකුවක් තිබ්බ තැනවත් හොයා ගන්න බැරිවෙයි. ඔන්න එහෙනම් මේ දේ නො වෙන්න කවුරුත් වග බලා ගන්නව හොඳා.
Reply : 0 1
ගෝඨාභය Monday, 07 October 2019 10:33 PM
සජිත් දින්නොත් ඇමෙරිකාවේ අතකොළුවක් අගමැති වෙනවා, ගෝඨාභය දින්නොත් ඇමෙරිකන් පබයෙක් ජනපති වෙනවා. කොහොම උනත් එකයි. 70 වසරක මෝඩ කම් මගහැර වඩාවිස්වාසයක් තබියහැකි දේශපාලකයින් නැති බොරු පොරොන්දු නොව ප්‍රතිපත්ති සමග එන විකල්පය තෝරාගමු.
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

