තවත් ලාංකිකයින් 296 දෙනෙක් දිවයිනට
විදේශ රටවල රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 296 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත ඊයේ දින මධ්‍යම රාත්‍රී සහ අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 93 දෙනෙකු ඊයේ මධ්‍යම රාත්‍රී 11.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් ද ,
ඊයේ දින මධ්‍යම රාත්‍රී 11.55 ට මාලදිවයිනේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 53 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 104 දරන ගුවන් යානය මාලේ සිට ද ,
අද අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 02 දෙනෙකු රැගෙන කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානය දෝහා සිට ද ,
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙකු රැගෙන අද දින අලුයම 4.50 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානය ඩුබායි සිට ද , කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
එමෙන්ම අද දින උදෑසන 6.20 ට ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 98 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1042 දරන ගුවන් යානය මුම්බායි සිට ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිත බව ද කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
මෙම පිරිස පෞද්ගලික රෝහල් කීපයක කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව , නීරෝධායන කටයුතු සදහා සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබුණි .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

