තවත් සැකකටයුතු පුුද්ගලයින් 27 ක් ගාල්ලෙන් අල්ලයි
ගාල්ල පොලිස් අධිකාරි කොට්ඨාසය විසින් අද (30) උදෑසන වනවිට සැකකරුවන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබු අතර ජාතික තව්හිත් ජමාත් සංවිධානය සමඟ සෘජු සම්බන්ධතා පැවැත්වු බව කියන පුද්ගලයන් දෙදෙනකු ද ඒ අතර වන බව ගාල්ල පොලීසිය පවසයි.
පසුගියදා දර්ගා නගරයේදී අත්අඩංගුවට ගන්නා ලද අයි.එස්.අයි.එස්. සංවිධානයට සම්බන්ධ බව කියන සැකකරු ගාල්ල මොරගොඩ ප්‍රදේශයේ පල්ලියකට කැඳවාගෙනවිත් දේශන පැවැත්වීමට උදව්කර ඇත්තේ ද මෙම සැකකරු විසින් බවට අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයන් අතර ආගමික සංහිඳියාවට බාධාවන අයුරින් අන්තවාදි දේශන ඇතුළත් සංයුක්ත තැටි තොගයක් සහ ස්ටිකර් තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක්, තව්හිත් ජමාත් සංවිධානය සමඟ වක්‍ර සම්බන්ධකම් පැවැත්වූ බවට සැකකරන පුද්ගලයින් කිහිපදෙනෙක් සහ සිය අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අපොහොසත්වූ කිහිප දෙනෙක්ද වන බව පොලීසිය පවසයි.
හිනිදුම - රවින්ද්‍ර ශ්‍රිලාල්

popular news
-
Rohan Wednesday, 01 May 2019 12:42 AM
ලංකාවේ මුස්ලිම් කටයුතු ඇමති අද ප්රවෘත්ති සාකච්චාවක් තියලා කියනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

