නාවලපිටිය සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා භාණ්ඩ ප්රවාහන කල 1059 දුම්රිය හැටන් දුම්රිය ස්ථානය අසලදි පිළි පැනිමට ලක් වු බව දුම්රිය පාලක මැදිරිය පැවසිය.
හැටන් දුම්රිය ස්ථානය අසලදි 1059 දුම්රිය අද (01) දින පස්වරු 5.30 ට පමණ පිළි පැන ඇති බවත් , එම දුම්රියේ සෙසු මැදිරි පිළි පැන ඇති දුම්රිය මැදිරියෙන් ගලවා ඉවත් කර හැටන් දුම්රිය ස්ථානය දක්වා ධාවනය කල බවයි දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ.
අද (01)දින උදැසනද මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු භාණ්ඩ ප්රවාහන දුම්රියක ඉන්ධන ප්රවාහන ටැංකියක් අඹේවෙල සහ පට්ටපොළ දුම්රිය ස්ථාන දෙක අතර පිළි පැනිමට ලක් විය.
පිළි පැන ඇති දුම්රියන් දෙකම කඩිනමින් පිළිගත කිරිමේ කටයුතු ආරම්භ කරන බව දුම්රිය පාලක මැදිරිය පැවසිය.
