තවත් ඖෂධයක් ලංකාවේ නිපදවයි
නව ඖෂධ නිෂ්පාදනය කිරීමේ "අලුත් රටට අලුත් බෙහෙත්" වැඩපිළිවෙළ යටතේ ක්ලොපිඩෝග්රෙල් (clopidogrel) ඖෂධය එළිදැක්වීම අද (19දා) රත්මලාන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණි.
ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සරෝජ් පතිරණ මහතා ,රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා ඇතුළු නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර නව ඖෂධය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සරෝජ් පතිරණ මහතා වෙත පිළිගන්වනු ලැබීය.
හෘද රෝගීන් සහ ආඝාත රෝගීන් සුලභව භාවිතා කරන ඖෂධයක් වන මෙය රාජ්‍ය අංශයට ලබා ගැනීම සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 317 ක් වැය වන අතර පෞද්ගලික අංශය මෙම ඖෂධය ආනයනය කිරීම සඳහා වසරකට රුපියල් මිලියන 400 ක් වැය කරන බවද එහි ප්‍රකාශකයෙක් පැවසීය.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

