තලාව නගරයේ පිහිටි රාජ්ය බැංකුවක් සොරුන් විසින් බිඳ එහි තිබූ කෝටි නවයකට අධික රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අපරාධය සිදු කළ සැකකරුවන් බැංකුවේ පිටුපස දොර කඩා ඇතුළු වී ඇති අතර එහි සේප්පු කඩා රු. 17,000,000ක මුදලක් සහ උකසට ගෙන තිබූ කිලෝ 22යි ග්රෑම් 806ක් බර රු. 78,000,000ක් වටිනා රන් ආභරණ කොල්ලකා තිබේ.
මෙම සොරකම 29 වැනි දින සවස 6ත් 02 වැනිදා උදෑසන 7ත් අතර කාලය තුළ සිදු කර ඇති බව විමර්ශනයන්හිදී හෙළිව තිබේ.
කොල්ලකෑමට අදාළ විමර්ශන කටුයුතු පොලිස්පතිවරයා විසින් අද (02දා) අපරාධ පරීක්ෂණ ඒකකය වෙත පවරා ඇති අතර පොලිස් කණ්ඩායම් 08ක් විවිධ පැතිකඩ ඔස්සේ විමර්ශන සිදු කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.





ඡායාරූප - තිසර සමල් එප්පාවල