තලාව බැංකුව නිසි ආරක්ෂිත ක්රමවේදවලට අනුව පවත්වාගෙන ගොස් නැතැයි පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
පවතින අනාරක්ෂිත තත්ත්වයන් සකස් කර ගන්නා ලෙස පොලීසිය අවස්ථා දෙකකදී බැංකුව දැනුවත් කර තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි වාර්තා වේ.
තලාව නගරයේ පිහිටි මෙම රාජ්ය බැංකුවේ තිබූ රුපියල් කෝටි 09කට අධික රන්භාණ්ඩ හා මුදල් කිසියම් පිරිසක් කොල්ලකා තිබෙන අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විශේෂ මෙහෙයුම් දියත් කර තිබේ.
අදාළ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සිදු වේ.
