තල්මසුන් නැරඹීමේ නව සහතික ක්‍රමයෙන් ඉහළ ආදායමක්
මිරිස්ස ආශ්රිත මුහුදේ තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් නැරඹීම සඳහා විදෙස් සංචාරකයන් වෙත හඳුන්වාදුන් නව ගාස්තුව හේතුවෙන් ඉහළ ආදායමක් හිමි වෙමින් පවතින බවට වාර්තා වේ.
ඒ අනුව පෙරේදා (05දා) දිනයේදී මෙම ආදායම රුපියල් ලක්ෂ 33ක් වූ බවත්, ඊට පෙර දිනයේදී එය රුපියල් ලක්ෂ 28ක් වූ බවත්, මේ පිළිබඳ කරුණු අනාවරණය කරමින් සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවැසීය.
හඳුන්වාදුන් මෙම ක්‍රමය යටතේදී මිරිස්ස ප්‍රදේශයේ මසුන් නැරඹීමට පැමිණෙන සංචාරකයෙකු ඩොලර් 15ක මුදලක් ගෙවා ඒ සඳහා සහතිකයක් ලබා දීම අනිවාර්යය වන අතර, එසේම ඩොලර් 1ක අමතර සේවා ගාස්තුවක්ද ඊට අයත් වේ. එහි පිහිටි බෝට්ටුවක් මුදල් ගෙවා වෙන් කරගෙන සංචාරකයන්ට එම සතුන් නැරඹීමට යා හැක්කේ ඉන් අනතුරුවය.

අද වනවිට මිරිස්ස මුහුදු තීරය වෙත දිනකට සංචාරකයන් 1200ත් 1300ත් අතර ප්‍රමාණයක් පැමිණෙන බවත්, ඉදිරියේදී මෙම සහතික ක්‍රමය කල්පිටිය සහ ත්‍රිකුණාමලය යන මෙරට අනෙකුත් ජනප්‍රිය මසුන් නැරඹීමේ ස්ථාන වෙතද හඳුන්වා දෙන බවත් මෙහිදී අනාවරණය කෙරිණි.
popular news
-
upul Friday, 08 February 2019 10:47 AM
තල්මසුන්ටත් බද්දක් ගහමු එතකොට තව ආදායම වැඩි කර ගන්න පුළුවන් ඇමතිතුමෝ!!!!!!!!!!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

