ජාතික තරුණ සේවා සභාවේ (NYSC) නව සභාපතිවරයා ලෙස පසිඳු ගුණරත්න මහතා පත්කර ඇත. පසිදු ගුණරත්න මහතාගේ නායකත්ව හැකියාවන් සහ තරුණයන් සවිබල ගැන්වීම සඳහා කැපවීම පිළිබඳව දැඩි විශ්වාසයක් පළ කරමින් යෞවන හා ක්‍රීඩා අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මහතා ඊයේ (17) පත්වීම සිදුකොට ඇත.
25 හැවිරිදි ඔහු, කිංග්ස්ටන් විශ්ව විද්‍යාලයෙන් සිවිල් සහ යටිතල පහසුකම් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ BEng (ගෞරව) උපාධියක් ද, ඩි මොන්ට්ෆෝර්ට් විශ්ව විද්‍යාලයෙන් (එක්සත් රාජධානිය) ප්‍රමාණ සමීක්ෂණ සහ ඉදිකිරීම් පිළිබඳ BSc (ගෞරව) උපාධියක් ද ලබා ඇත. මේ වන විට ආර්ථික විද්‍යාව සම්බන්දයෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ උපාධියක් මෙන්ම ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිය සම්බන්දයෙන් අධ්‍යාපනය හදාරමින් සිටී.
කොළඹ රාජකීය විද්‍යාලයේ 2017 වසරේ උප ප්‍රධාන ශීෂ්‍ය නායකයා වශයෙන් නායකත්වය ලබාදුන් ආදි ශිෂ්‍යයෙකු වන ගුණරත්න මහතා ප්‍රජා සේවයට සහ තරුණ සංවර්ධනයට දක්වන කැපවීම වෙනුවෙන් ඇගයීමට ලක්වූ වෙකි. ඔහු දැනට කොළඹ 07 සිංහ සමාජයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර එහිදී ඔහු ප්‍රජාවගේ ජීවිතවලට සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබේ.
