උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල දුම්රිය ස්ථානය හා බදුල්ල දුම්රිය ස්ථානය අතරදී අද (19දා) සවස තරුණයෙක් හා තරුණියක් දුම්රියේ ගැටී ඇති අතර තරුණිය එම ස්ථානයේදීම මියගොස් ඇත .
යුධ හමුදා සාමාජිකයෙක් වන ,හෙලවත්ත, හපුතලේ ගම හපුතලේ පදිංචි වීරසේකර මුදියන්සේලාගේ ලක්ෂාන් ධනංජය වීරසේකර නමැති 21 හැවිරිදි තරුණයා බරපතල තුවාල සහිතව බදුල්ල මහරෝහලට ඇතුලත් කර තිබේ .
මොවුන් දෙදනා එකවරම දුම්රියට පැන්න බව දුම්රිය රියදුරා පොලීසියට පවසා තිබේ. හාලිඇල පොලිසිය පරික්ෂණ පවත්වයි.
පාලිත ආරියවංශ
