අපිට මෙවර මැතිවරණයේදි තරගයක් තියෙන්නේ පොහොට්ටුව සමඟ විතරක් බවත් එජාපය සමග කිසිම තරගයක් නොමැති බවත් ඒ පක්ෂයට අතේ ඇගිලි ගාණටවත් ආසන ගන්න බැරි බව සමඟි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බංඩාර මහතා පැවසීය.
බදුල්ල පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව පැවසීය,
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මහලේකම්වරයා,
රනිල්ට සියයට පහක්වත් මේ පාර ගන්න බෑ. අපිට ඒ පක්ෂයේ 15 දෙනා සමග කිසිම තරගයක් නෑ. ඒ අය ආණ්ඩුව සමග ඩීල් දමලයි තියෙන්නේ මංගල ස්වාධීන උන එක අපි ඔක්කෝටම හොඳයි. අපි හොඳ නායකයෙක් සමග පිරිසිදු ගමනක් යනවා.
මේ ආණ්ඩුව අද කඩාවැටිලා ඉවරයි ඉස්සෙල්ලාම තුනෙන් දෙක ඉල්ලපු අය දැන් බහුතරය ගන්නවාලු. ඒ කතාවෙන්ම ආණ්ඩුවේ කඩාවැටීම තේරුම්ගන්න පුළුවන් අද රටේ නීතිය වළපල්ලට ගිහින් පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තා අද මේ පක්ෂයේ සභාපතිවරයෙක් වෙලා ඉතින් කොහොමද හොරු අල්ලන්නේ.
මේ රටේ නීතිය අද වළපල්ලට ගිහින් ජනතාවට ආණ්ඩුව දින 200න් එපාවෙලා ඒකාධිපතිපාලනය අද රටේ රජ කරනවා. ජනතාව මේවාට මේ මැතිවරණයේදි උත්තර දෙන්න බලන් ඉන්නවා.
ලුණුගල ප්‍රසන්න පත්මසිරි/බදුල්ල පාලිත ආරියවංශ
