තරග පාවාදීමේ චෝදනාව පිළිබඳව පරීක්ෂණ කළ යුත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බවත් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය මගින් ක්‍රීඩකයන් ප්‍රශ්න කිරීම පිළිබඳව තමන් විශ්වාස නොකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය මගින් මේ පරීක්ෂණ කළ යුතුයි. ඒවායේ එන ප්‍රතිඵල එක්ක අපි කටයුතු කළ යුතුයි. ලංකාවේ ඒකකයට ගෙන්වීම තුළ අනවශ්‍ය අපකීර්තියක් අපේ රටට ක්‍රීඩාවට ලැබෙන්න පුළුවන්. ”