තම දියණියට අතවර කළ නරුම පියා අල්ලයි
දෙහිවල ප්‍රදේශයේ වයස අවුරුදු 14ක තම දියණිය බරපතල දූෂණයට ලක්කල පියෙකු ඉකුත් ඊයේ (15දා) දෙහිවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
සැකකාර පියා දෙහිවල වනරතන පාර ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරුදු 46ක් වන එක්දරු පියෙකුද වන අතර අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව සිටින අයෙකුද වන බවත් පොලීසිය කියයි.
මෙදින සිය මව හා දියණිය කාමරයේ ඇද මත නිදාගන ෂිට ඇති අතර, පියා බිම පැදුරක නිදාගන සිට ඇත. මව අලුයම අවධිවී රාජකාරී සදහා පිටව ගොස් ඇති අතර, ඒ මොහොතේ පියා ඇද මතට පැමිණ දියණියට නොයේක් ලිංගික අතවර කර තිබේ.
දියණිය විසින් සියලු තොරතුරු ලිපියක ලියා තබා උදෑසන පාසැල් ගොස් ඇති බවත් , මව නැවත පැමිණ ලිපිය කියවා ඒ බව දෙහීවල පොලීසිය වෙත පැමිණිලි කරනු ලැබ ඇති බවත් පොලීසිය කියයි.
ඒ අනුව පොලීසිය මගින් පියා එදිනම අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කරනු ලැබ ඇති අතර අතවරයට පත් දියණිය දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
දෙහිවල එච් එම් ධර්මපාල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                